රබාඩාගේ කඩුලු 6 දකුණු අප්‍රිකාවට ලකුණු 87 ක ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සෙන්චූරියන් හී දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 87 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(2) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී කොදෙව්වන්ට ලකුණු 247 ක ඉලක්කයක් හිමි වුවද, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

ජර්මයින් බ්ලැක්වුඩ් පන්දු 93 කින් ලකුණු 79 ක් රැස් කළා. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 6 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 212 ක් පමණයි.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව තරගයේ තෙවැනි දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49 ක්. ඔවුන්ගේ ඉනිමේ සියලු දෙනා ලකුණු 116 කට දැවී ගියා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 47 යි. පළමු ඉනිමේ දී ඔහු ලකුණු 115 ක් ලබා ගත් අතර, තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා. පන්දු යැවීමේ දී කෙමා රෝච් ලකුණු 47 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...