නවසීලන්තය ඉතිහාසයේ දෙවැනි වරට එමීර් රාජ්‍යයට එරෙහි වෙයි

Date:

නවසීලන්ත කණ්ඩායම අගෝස්තු මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග සංචාරයක නිරත වන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය අද(2) නිවේදනය කළා.

එම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිත අතර, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මෙතෙක් තීරණය කර නැහැ.

නවසීලන්ත කණ්ඩායම එංගලන්තයට එරෙහිව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීම සදහා එංගලන්තය බලා ගමන් කරන අතරවාරයේ දී මෙම තරගාවලිය ද ක්‍රීඩා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නවසීලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මීට පෙර ජාත්‍යන්තර තරග පවත්වා ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එක්දින තරගයක් ලෙස එය පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක අතර කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...