කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය මැග් ලෙනින්ට

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකා මැග් ලෙනින් පත් කර තිබෙනවා.

දිල්ලි කණ්ඩායමේ උප නායිකාව ලෙස පත් කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩිකා Jemimah Rodrigues.

ලෙනින්ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම 20යි 20 ලෝක ශූරතා 4 ක් ජය ගෙන ඇති අතර, මෑතකදී දකුණු අප්‍රිකාවේ දී නිමා වූ 20යි 20 ලෝක කුසලානය ද අවසන් තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ජය ගැනීමට ලෙනින්ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාව සමත් වුණා.

30 හැවිරිදි මැග් ලෙනින් අද (2) දිනයේ දී මුම්බායි නුවර වෙත ද පැමිණ තීබෙනවා. WPL තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, අවසන් මහා තරගය මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ලෙනින්ට අමතරව තවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද මෙවර තරගාවලියේ දී තවත් කණ්ඩායම් දෙකක නායකත්වය දරනු ලබනවා.

ඒ අනුව බෙත් මූනි ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන අතර, ඇලීසා හීලි UP Warriorz කණ්ඩායමේ නායිකාව ලෙසයි කටයුතු කරන්නේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් කටයුතු කරනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායිකාව ලෙස පත් කෙරුණේ ස්ම්රිති මන්දනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...