ජස්ප්‍රිට් බුම්රා නවසීලන්තයට ; ආචර් අයි.පී.එල් තරගාවලියට

Date:

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පිට කොන්දේ ශල්‍යකර්මයක් වෙනුවෙන් නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහුගේ ශල්‍යකර්මය ශල්‍ය වෛද්‍ය Rowan Schouten විසින් නවසීලන්තයේ දී සිදු කිරීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

බුම්රාට සම්පූර්ණයෙන් සුවය ලැබීම සදහා සති 20 ත් 24 ත් අතර කාලයක් ගත වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඒ අනුව පසුගිය මාස පහක කාලයේ දී මෙම ආබාධය නිසා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට නොහැකි වූ බුම්රාට අවම වශයෙන් එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ද (ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත්) මේ හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රාට අහිමි වනවා.

2023 ආසියානු කුසලාන එක්දින තරගාවලිය ද ඔහුට බොහෝ විට අහිමි වනු ඇති.

මේ අතර, බුම්රාගේ සේවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අහිමි වුව ද, ආබාධ හේතුවෙන් පසුගිය කාලයේ දී තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට මෙවර අයි.පී.එල් තරගාවලියම ක්‍රීඩා කිරීමට හැකි බවට මේ වන විට තහවුරු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...