මලාන්ගේ නොදැවුණු ශතකය එංගලන්තයට කඩුලු 3 ක ජයක් ගෙනෙයි

Date:

ඩේවිඩ් මලාන් වාර්තා කළ නොදැවුණු ලකුණු 114 හමුවේ බංග්ලාදේශය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 161 දී බිද වැටුණු අතර, අනතුරුව 8 වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 51 ක සබදතාවයක් ගොඩ නැගීමට මලාන් හා අඩිල් රෂිඩ් සමත් වුණේ තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තයට අවස්ථාව ලබා දෙමින්.

මලාන් පන්දු 145 කින් නොදැවී ලබා ගත් ලකුණු 114 ට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

විල් ජැක්ස් ලකුණු 26 කටත්, මොයීන් අලී ලකුණු 14 කටත්, පිල් සෝල්ට් ලකුණු 12 කටත් දැවී ගියා. අඩිල් රෂිඩ් නොදැවී ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මෙහිදි හසාන් මිරාස් ලකුණු 35 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 209 ක් රැස් කළේ පන්දුවාර 47.2 ක් අවසානයේ දීයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නජ්මුල් හොසේන් ලකුණු 58 ක් රැස් කළ අතර, මහ්මුදුල්ලාහ් ලකුණු 31 කට දැවී ගියා. ටමිම් ඉක්බාල් ලකුණු 23යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර්, මාර්ක් වුඩ්, මොයීන් අලී හා අඩිල් රෂිඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...