බිස්මාහ් මරූෆ් නායකත්වයට සමු දෙයි

Date:

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා බිස්මාහ් මරූෆ් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

කෙසේ වෙතත්, තමා තවදුරටත් ක්‍රීඩිකාවක් ලෙස පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඇය සදහන් කර ඇත්තේ.

නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානයට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ පසුබිමක බිස්මාහ් මරූෆ් මෙලෙස නායකත්වයෙන් ඉවත් වීමේ තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග හතරෙන් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

මරූෆ් පාකිස්තාන කණ්ඩායමේ නායිකාව බවට පත් වුණේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

ඇයගේ නායකත්වය යටතේ පාකිස්තානය එක්දින තරග 34 කින් තරග 16 ක් ද, 20යි 20 තරග 62 කින් තරග 27 ක් ද ජය ගත්තා.

පාකිස්තාන කණ්ඩායමේ නව නායිකාව ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...