The Hundred Draft : කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙක්

Date:

එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එංගලන්ත – ඔස්ට්‍රේලියා අලුබදුන ටෙස්ට් තරගාවලිය අවසන් වීමට නියමිතව ඇති දිනයෙන් පසු දින ආරම්භ වන මෙවර පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් රැසක් එක්වන්නේ නැහැ.

ඒ අනුව පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, ජොෂ් හේසල්වුඩ්, මාර්නස් ලබුෂේන්, ස්ටීවන් ස්මිත් වැනි ක්‍රීඩකයින්ගේ නම් ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුවට ද ඇතුළත් වී නැහැ.

කෙසේ වෙතත්, මිචෙල් ස්ටක් පවුම් 125,000 ක කාණ්ඩය යටතේ කෙටුම්පත් කිරීම සදහා ලියාපදිංචි වී තිබෙනවා.

පාකිස්තානයේ බාබර් අසාම් හා ශහීන් අෆ්රිඩි පවුම් 100,000 ක කාණ්ඩය යටතේ යි ඉදිරිපත් වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ක්‍රීඩක කෙටුම්පත් කිරීම සදහා ලියාපදිංචි වී ඇති අතර, ඉන් මූල්‍ය කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වී ඇත්තේ ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණයි. සෙසු ක්‍රීඩකයින් කිසිදු කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වී නැහැ.

මෙවර කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව මීට පෙර නිවේදනය කෙරුණු අතර, ඒ අනුව මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද සිය සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගත්තේ. පවුම් 125,000 මුදලක් යටතේ ඔහුව රදවා ගැණුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ‘ද හන්ඩ්‍රඩ්’ කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතත්, ඔවුන් තිදෙනාම කිසිදු මූල්‍ය කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වී නැහැ.

අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීම මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කෙටුම්පත් කිරීම Sky Sports නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද නියමිතව තිබෙනවා.

ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව හා ඔවුන් ලියාපදිංචි වී ඇති කාණ්ඩය (£ – පවුම්) –

  1. මහීෂ් තීක්ෂණ – £75,000
  2. ප්‍රභාත් ජයසූරිය – £50,000
  3. ඇන්ජෙලෝ මැතිව්ස් – £50,000
  4. මතීෂ පතිරණ – £50,000
  5. භානුක රාජපක්ෂ – £50,000
  6. දුෂ්මන්ත චමීර – £40,000
  7. කසුන් රාජිත – £40,000
  8. දසුන් ශානක – £40,000
  9. චරිත් අසලංක – No Reserve
  10. අශේන් බණ්ඩාර – No Reserve
  11. දිනේෂ් චන්දිමාල් – No Reserve
  12. සචිදු කොළඹගේ – No Reserve
  13. නිරෝෂන් දික්වැල්ල – No Reserve
  14. බිනුර ප්‍රනාන්දු – No Reserve
  15. දුෂාන් හේමන්ත – No Reserve
  16. චාමික කරුණාරත්න – No Reserve
  17. රමේෂ් මෙන්ඩිස් – No Reserve
  18. පැතුම් නිස්සංක – No Reserve
  19. ලක්ෂාන් සදකැන් – No Reserve
  20. තිසර පෙරේරා – No Reserve
  21. ඉසුරු උදාන – No Reserve
  22. ජෙෆ්ර වැන්ඩර්සේ – No Reserve
  • චමරි අතපත්තු
  • විශ්මි ගුණරත්න
  • ඕෂදී රණසිංහ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...