බංග්ලාදේශය ලකුණු 209 කට දැවී යයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(1) දහවල් මීර්පූර් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 47.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 209 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නජ්මුල් හොසේන් ලකුණු 58 ක් රැස් කළ අතර, මහ්මුදුල්ලාහ් ලකුණු 31 කට දැවී ගියා.

ටමිම් ඉක්බාල් ලකුණු 23යි. මාර්ක් වුඩ් යොමු කළ පැයට කිලෝ මීටර් 149 කට ආසන්න වේගයකින් යුත් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියා. (එහි දර්ශන පහතින් නරඹන්න)

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර්, මාර්ක් වුඩ්, මොයීන් අලී හා අඩිල් රෂිඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...