Watch : තණතීරුව පාරාවළල්ලක් වෙයි ; දිවා ආහාරයට පෙර ඉන්දියාවේ කඩුලු 7 ක් දැවී යයි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (1) ඉන්දෝර් හී දී අරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 84 ක්.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 27 කට සීමා කරමින් නායක රෝහිත් ෂර්මා ලකුණු 12 කට දැවී ගියේ මැතිව් කුහ්නෙමන්ගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව ෂුම්බන් ගිල් ලකුණු 21 කට දවා ගැනීමට ද කුහ්නෙමන් සමත් වුණා.

චෙටස්වර් පුජාරා එක් ලකුණකටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 4කටත්, ෂ්රෙයස් අයියර් ලකුණු නොලබාත්, විරාත් කෝලි ලකුණු 22 කටත්, කේ එස් භාරත් ලකුණු 17 කටත් දැවී ගියා.

අක්සාර් පටෙල් ලකුණු 6 ක් හා ආර් අශ්වින් එක් ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මැතිව් කුහ්නෙමන් ලකුණු 14 කට කඩුලු 3 ක් හා නේදන් ලයන් ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ටොඩ් මර්ෆි ලකුණු 12 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

කඩුලු 7 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...