ප්‍රබල සටනකින් පසු නවසීලන්තයට එක් ලකුණක තියුණු ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(28) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් එංගලන්තය පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින්.

වෙලින්ටන් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 258 ක ඉලක්කයක් සිය දෙවැනි ඉනිමේ දී හඹා ගිය එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 256 ක් පමණයි.

තරගය අවසන් දිනය සදහා අද ආරම්භ කරන විට එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා. දිවා ආහාරය සදහා තරගය නතර කිරීමට පෙර එංගලන්ත කණ්ඩායමේ තවත් කඩුලු 4 ක් දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුණා. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ලකුණු සටහන දැක් වුණේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් ලෙසයි.

පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 153 ක් ලබා ගත් ජෝ රූට් දෙවැනි ඉනිමේ දී ලකුණු 95 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

බෙන් ඩකට් හා නායක බෙන් ස්ටොක්ස් ලකුණු 33 බැගින් රැස් කළා. ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස බෙන් ෆෝක්ස් ලකුණු 35 කට දැවී යන විට එංගලන්තයට තරගය ජය ගැනීම සදහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 7 ක් පමණයි.

කෙසේ වෙතත්, අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 4 කට දවා ගැනීමට නෙයිල් වෑග්නර් සමත් වීමත් සමග තරගයේ ජය නවසීලන්තයට හිමි වුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී නෙයිල් වෑග්නර් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 62 ක් ලබා දෙමින්. ටිම් සවුති කඩුලු 3 ක් ද, මැට් හෙන්රි කඩුලු 2ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 435 ක් ලබා සිටියදීයි. පිළිතුරු ලෙස නවසීලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 209 ක් පමණයි. අනතුරුව අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 483 ක්.

ලකුණු සාරාංශය – නවසීලන්තයට එක් ලකුණක ජයක්

එංගලන්තය 435/8 d (හැරී බෲක් 186, ‌ජෝ රූට් 153* – මැට් හෙන්රි 100/4) ; නවසීලන්තය 209 (ටිම් සවුති 73 – ස්ටුවට් බ්‍රෝඩ් 61/4) ; නවසීලන්තය 483 (f/o) (කේන් විලියම්සන් 132 – ජැක් ලීච් 157/5) ; එංගලන්තය 256 (ජො රූට් 95 – නෙයිල් වෑග්නර් 62/4)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...