විලියම්සන් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි

Date:

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් අද(27) සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ විලියම්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132 ක්.

මේ වන විට කේන් විලියම්සන් ටෙස්ට් තරග පිටියේ දී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,787 ක්.

මීට පෙර නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ රෝස් ටේලර්. ඔහු ලකුණු 7,683 ක් වාර්තා කර තිබුණා.

විලියම්සන් ඉනිම 161 කින් මෙම කඩඉමට ළගා වී ඇති අතර, ටේලර්ට ඒ සදහා වැය වී තිබූ ඉනිම් ගණන 196 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...