මෝර්ගන් සහ මලාන් එංගලන්තයට විශිෂ්ඨ ජයක් ගෙන එයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඉයන් මෝර්ගන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කළා.

නායක බබාර් අසාම් ලකුණු 56ක්, ෆකාර් සමාන් ලකුණු 36ක් ලබා ගනිමින් පාකිස්තානයට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් හෆීස් පන්දු 36කින් ලකුණු 69ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තරගයේ ජය වාර්තා කළේ පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 44යි.

නායක ඉයන් මෝර්ගන් ලකුණු 66ක් රැස් කළේ පන්දු 33කට මුහුණ දී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින්.

ඩේවිඩ් මලාන් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.

දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරවයි අවසන් වුණේ.

අවසන් 20යි 20 තරගය ලබන පළමු වැනිදා මැන්චෙස්ටර් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...