Watch : ශහීන්ගේ සුපිරි පන්දුවක් හමුවේ බබාර් දැවී ගිය හැටි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේ දී සුපිරි පන්දුවක් යොමු කරමින් පෙෂාවර් සල්මි කණ්ඩායමේ නායක බබාර් අසාම්ගේ කඩුල්ල දවා ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමේ නායක හා වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි ඊයේ (26) රාත්‍රියේ සමත් වුණා.

ලාහෝර්හී දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

ෆකාර් සමාන් පන්දු 45 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 96 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 10 ක් ඇතුළත්. අබ්දුල්ලාහ් ශෆික් පන්දු 41 කින් ලකුණු 75 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි. ටොම් කොහ්ල-කැඩ්මෝර් පන්දු 23 කින් වේගවත් ලකුණු 55 ක් ද, සයිම් අයුබ් පන්දු 34 කින් ලකුණු 51 ක් ද රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු 24(14) කට දැවී ගියා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගැනීම විශේෂත්වයක්. ඔහු විසින් බාබර් අසාම්ගේ කඩුල්ල දවා ගත්තේ ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී යි. (දර්ශන පහතින්) ඒ වන විට බාබර් රැස් කර ගෙන සිටියේ ලකුණු 7 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...