Watch : පළමු පන්දුවෙන් පිත්ත දෙකට කැඩූ ශහීන් දෙවැනි පන්දුවෙන් කඩුල්ල බිම හෙලයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හී දී ඊයේ (26) රාත්‍රියේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

ඒ, ෆකාර් සමාන් පන්දු 45 කින් රැස් කළ ලකුණු 96 න් හා අබ්දුල්ලාහ් ශෆික් පන්දු 41 කින් වාර්තා කළ ලකුණු 75 න් සවිමත් වෙමින්. සමාන්ගේ ඉනිමට හයේ පහර 10 ක් ඇතුළත්. පන්දු යැවීමේ දී වහබ් රියාස් කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි.

ටොම් කොහ්ල-කැඩ්මෝර් පන්දු 23 කින් වේගවත් ලකුණු 55 ක් ද, සයිම් අයුබ් පන්දු 34 කින් ලකුණු 51 ක් ද රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු 24(14) යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගැනීම විශේෂත්වයක්.

ඔහු විසින් යොමු කළ පළමු පන්දුවේ දී මොහමඩ් හැරිස්ගේ පිත්ත කොටස් දෙකකට කැඩී ගිය අතර, දෙවැනි පන්දුවේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට අෆ්රිඩි සමත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...