තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කර තිබෙනවා.

ඒ, නිත්‍ය නායක පැට් කමින්ස්ට එම තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන්.

පැට් කමින්ස් සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

කෙසේ වෙතත්, ඔහු තෙවැනි ටෙස්ට් තරගයට පෙර යළි සංචිතය සමග එක්වීමට මීට පෙර අපේක්ෂාවෙන් පසුවුවද, සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් තමා තවදුරටත් සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට තීරණය කළ බවයි පැට් කමින්ස් සදහන් කළේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් හා සිය කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් තමාට ලද සහයෝගය පිළිබද තමා අගය කරන බව ද කමින්ස් කියා සිටියා.

ආබාධ හේතුවෙන් ඩේවිඩ් වෝනර් හා ජොෂ් හේසල්වුඩ් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ද ඉතිරි ටෙස්ට් තරග දෙකම මේ වන විට අහිමි වී ඇති පසුබිමකයි පැට් කමින්ස් ද තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත්ව ඇත්තේ.

කමින්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

ස්ටීවන් ස්මිත් මීට පෙර ටෙස්ට් තරග දෙකකදී ද කමින්ස් වෙනුවට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබුණා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන පළමු වැනිදා ඉන්දෝර් හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට ඉන්දියාව තරග 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...