බෘෘක්-රූට්ගේ 294* ක සම්බන්ධතාවය හමුවේ එංගලන්තයෙන් දෙවැනි තරගයට සුපිරි ආරම්භයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) වෙලින්ටන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තය අද දිනයට තරගය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 315 ක්.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී පන්දුවාර 65 ක් පමණක් ක්‍රියාත්මක වූ පසුබිමකයි එංගලන්තය මෙම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට සමත් වුණේ.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 21 ක් තුළ බිද වැටුණා. සැක් ක්‍රව්ලි ලකුණු 2කටත්, බෙන් ඩකට් ලකුණු 9 කටත්, ඔලී පෝප් ලකුණු 10 කටත් දැවී ගියා.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා පන්දු 350 කින් නොබිදුණු ලකුණු 294 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ජෝ රූට් හා හැරී බෘෘක් සමත්ව සිටිනවා.

24 හැවිරිදි හැරී සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් දිනය නිමා වන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 184 ක්. පන්දු 169 කින් වාර්තා වී ඇති ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 24 ක් ඇතුළත්.

ජෝ රූට් නොදැවී ලකුණු 101(182) යි. පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 64 කට කඩුලු 2 ක් හා ටිම් සවුති ලකුණු 48 කට කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...