ආසියානු අභියෝගතා කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවතම සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන පළමු තරගාවලිය වන ඒ සී සී අභියෝගතා කුසලාන (ACC Men’s Challenger Cup) ක්‍රිකට් තරගාවලිය අද(24) තායිලන්තයේ බැංකොක් හී දී ආරම්භ වනවා.

තරගාවලියේ දී සත්කාරක තායිලන්තය, මියන්මාරය, ඉන්දුනීසියාව හා සෞදි අරාබිය ‘බී’ කාණ්ඩය යටතේ ද, බහ්රේනය, භූතානය, මාලදිවයින හා ඉරානය ‘ඒ’ කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිතයි.

රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය සදහා ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 15 ක්.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම හා අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම අප්‍රේල් මාසයේ දී නේපාලයේ දී පැවැත්වීමට නියමිත ප්‍රිමියර් කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

එම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටින සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, කුවේට්, කටාර් (A කාණ්ඩය යටතේ), ඕමානය, හොංකොං, සිංගපූරුව, මැලේසියාව (B කාණ්ඩය යටතේ) යන රටවල්.

එම ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ශූරතාවය, අනුශූරතාවය හා තෙවැනි ස්ථානය දිනා ගන්නා රටවල් ‘නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය’ සදහා සුදුසුකම් ලබා ගන්නා බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන රටවල නැගී එන කණ්ඩායම් ද එක්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව, පාකිස්තානය හා සුදුසුකම් ලබා ගන්නා රට (ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරයින්) පළමු කාණ්ඩය යටතේ ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය දෙවන කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...