ඉන්දියාව ක්‍රීඩා කරන තරගයකට Adidas සමාගමෙන් කෝටි 2.8 ක්

Date:

ජර්මානු ක්‍රීඩා භාණ්ඩ බහුජාතික සමාගමක් වන Adidas සමාගම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුම් සදහා අනුග්‍රාහකයා ලෙස (kit sponsor) එක් වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සදහා ඉන්දීය රුපියල් කෝටි 350 ක වටිනාකමකින් යුත් ගිවිසුමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා Adidas සමාගම අතර අත්සන් තැබෙනු ඇති.

ඒ අනුව ලබන ජූනි මාසයේ දී Killer සමාගම වෙනුවට Adidas සමාගම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුම් සදහා අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ වීමට නියමිතයි.

2028 වසර අවසානය දක්වා Adidas සමාගම එම අනුග්‍රාහක අයිතිය හිමි කර ගනු ඇති.

අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රකාරව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන එක් තරගයක් සදහා Adidas සමාගම විසින් ගෙවීමට නියමිත මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 65 ක්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 2.8 ක පමණ අගයක් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...