20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ යළි හසරංගට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(22) ප්‍රකාශයට පත් කළ නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පන්දු යවන්නන් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් 20යි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හිමි කර ගෙන සිටි ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයට ඇදදමමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පසුගියදා නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී රෂීඩ් ඛාන් ඉහළ දක්ෂතා දැක් වීමට අපොහොසත් වීම හේතුවෙනුයි වනිදු හසරංග යළි එහි පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ.

එමීර් කණ්ඩායමට එරෙහි 20යි 20 තරග තුනේ දී රෂීඩ් ඛාන් කඩුලු 4 ක් පමණක් දවා ගත්තා.

මේ වන විට වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 695 ක් හිමිව ඇති අතර, රෂීඩ් ඛාන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 694 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...