TATA සමූහය WPL තරගාවලියට

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය (title sponsorship) TATA සමූහය (TATA Group) විසින් හිමි කර ගෙන තිබෙනවා.

ඒ අනුව 2023 අදියරේ සිට 2027 අදියර දක්වා WPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය TATA සමූහය සතුවනවා.

තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, අවසන් මහා තරගය මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

දින 23 ක් පුරා පැවැත්වෙන තරගාවලිය සදහා Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore හා UP Warriorz යන කණ්ඩායම් 5 ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලීග් වටයේ තරග 20 ක් ද, අවසන් වටයේ (Playoffs) තරග දෙකක් ද WPL පළමු අදියරේ තරගාවලියට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...