පෝප්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වීමේ අවධානමක් ?

Date:

එංගලන්ත මැද පෙල පිතිකරු ඔලී පෝප්ට මාස 4ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ වම් උරහිසෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

පාකිස්තානය සමග නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු රකිමින් සිටියදී 22 හැවිරිදි ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත දී ඔලී පෝප් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ වන විට ඔහුගේ ආබාධ තත්ත්වය සුව අතට පත්ව තිබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...