පාකිස්තානයට ලකුණු 3ක තියුණු පරාජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද(19) සමත් වුණා.

පාර්ල් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් කඩුලු 6 ක් දැවී ලකුණු 116 ක් රැස් කළා.

Rashada Williams ලකුණු 30 ක් ද, Shemaine Campbelle ලකුණු 22 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Nida Dar ලකුණු 13 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

Aliya Riaz ලකුණු 29 ක් ලබා ගත් අතර, Nida Dar ලකුණු 27 ක් ද, Bismah Maroof ලකුණු 26 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Hayley Matthews ලකුණු 14 කට කඩුලු 2ක් බිද හෙලුවා.

එංගලන්තය හා ඉන්දියාව පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථානයේ රැදී සිටින දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය කොදෙව්වන්ටත්, සිව්වැනි ස්ථානය පාකිස්තානයටත් හිමිව තිබෙනවා.

කොදෙව්වන් ඔවුන් ක්‍රීඩා කළ තරග 4න් තරග 2ක් ජය ගෙන ඇති අතර, පාකිස්තානය ඔවුන් ක්‍රීඩා කළ තරග 3න් එක් තරගයක් ජය ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...