ඉන්දියාවේ දෙවැනි ටෙස්ට් තරග ජයෙන් පසු නවතම WTC ප්‍රසාද ලකුණු සටහන

Date:

ඉන්දියාව හමුවේ දිල්ලි හී දී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලැබූ පරාජය හමුවේ වුවද අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය මේ වන විට 66.67% ක් දක්වා අවම වී තිබෙනවා.

අද (19) නිමා වූ ඉන්දු – ඔස්ට්‍රේලියාව දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ලකුණු 115 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් කඩුලු 6 ක ජයක් තහවුරු කර ගත්තා.

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 31 ක් හා කේ එස් භාරත් නොදැවී ලකුණු 23 ක් රැස් කරමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. රෝහිත් ෂර්මා ලකුණු 31 කටත්, කේ එල් රාහුල් එක් ලකුණකටත්, විරාත් කෝලි ලකුණු 20කටත්, ෂ්රෙයස් අයියර් ලකුණු 12 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී නේදන් ලයන් කඩුලු 2ක් දවා ගත්තා.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, ඔවුන්ට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 64.06%.

ශ්‍රී ලංකාව 53.33 % ක ලකුණු ප්‍රතිශතයක් සමගින් තෙවැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 48.72 % ක ප්‍රතිශතයක් සමගින් සිව්වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...