රයිනාගේ මාමා ඝාතනය කෙරේ

Date:

ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව අප ඊයේ(29) තොරතුරු වාර්තා කළා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙවර තරගාවලියෙන් ඉවත් වන බවටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, ඊට බලපෑ හේතුව කුමක් ද යන්න අණාවරනය කර තිබුණේ නැහැ.

නමුත් මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සුරේෂ් රයිනාගේ සමීපතම ඥාතියෙකුගේ(මාමා) ඝාතනය මෙම තීරණයට හේතු වී ඇති බවයි.

මංකොල්ලකරුවන් පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවත්, එහිදී එම පවුලේ තවත් සාමාජිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවත් සදහන්.

පන්ජාබ් ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මිය ගිය පුද්ගලයා 58 හැවිරිදි අශෝක් කුමාර් නම් අයෙක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...