ලකුණු 28 කට නවසීලන්තයේ කඩුලු 5 ක් දැවී යයි ; ජයග්‍රහනයට තවත් ලකුණු 331 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර Mount Maunganui හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (18) නිමා වුණේ එංගලන්තයට විශිෂ්ඨ ජයක් සදහා මග පාදමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 394 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 63 ක් පමණයි. ඒ අනුව නවසීලන්තය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 331 ක් ලබා ගත යුතුයි.

කඩුලු 5 ලකුණු 28 ක් තුළ දැවී ගිය අතර, අනතුරුව 6 වැනි කඩුල්ල සදහා මේ වන විට ඩැරල් මිචෙල් හා මයිකල් බ්‍රේස්වෙල් අතර ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 35 ක්.

බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 25 ක් ද, මිචෙල් නොදැවී ලකුණු 13 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඩෙවෝන් කොන්වේ ලකුණු දෙකකටත්, කේන් විලියම්සන් ලකුණු නොලබාත්, ටොම් ලේතම් ලකුණු 15 කටත්, හෙන්රි නිකල්ස් ලකුණු 7 කටත්, ටොම් බ්ලන්ඩල් එක් ලකුණකටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත්තා. ( එම කඩුලු හතරේ දර්ශන පහතින් නරඹන්න) ඔලී රොබින්සන් එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 34 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 306 ක් රැස් කළා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 374 ක්.

ජෝ රූට් ලකුණු 57 (62) ක්, හැරී බෘෘක් ලකුණු 54 (41) ක් හා බෙන් ෆෝක්ස් ලකුණු 51 (80) ක් රැස් කළා. ඔලී පෝප් ලකුණු 49 (46) යි.

පන්දු යැවීමේ දී බ්ලායර් ටික්නර් හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, නෙයිල් වෑග්නර් හා Scott Kuggeleijn කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...