Watch : රෝහිත්ගේ කඩුල්ලටම යොමු කළ ලයන්ගේ සුපිරි පන්දුව

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර දිල්ලි හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(18)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා සිටියා. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 263 ට පිළිතුරු වශයෙන්.

අද දිනයේ දැවී ගිය පළමු කඩුල්ල බවට පත් වූයේ කේ එල් රාහුල්. ඔහු ලකුණු 17 කට දවා ගත්තේ නේදන් ලයන් විසින්.

අනතුරුව නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල ද දවා ගැනීමට ලයන් සමත් වුණා. ඒ, ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්. (දර්ශන පහතින් නරඹන්න)

රෝහිත් ෂර්මා දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 32 ක්.

මෙම තරගයේ දී තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන චෙටස්වර් පුජාරාට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු ද දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...