එල්ගර් ඉවත් කරමින් දකුණු අප්‍රිකාවට නව ටෙස්ට් නායකයෙකු පත් කෙරේ

Date:

දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස ටෙම්බා බවුමා පත් කර තිබෙනවා.

ඒ, 2021 වසරේ දී ටෙස්ට් නායකත්වයට පත් කෙරුණු ඩීන් එල්ගර් වෙනුවටයි.

එල්ගර්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගාවලි හතරම ඔවුන් ජය ගත් අතර, ඒ අතරට ඉන්දියාවට එරෙහිව සිය රටේ දී ජය ගත් ටෙස්ට් තරගාවලිය ද ඇතුළත්.

කෙසේ වෙතත්, එංගලන්තයේ දී හා ඔස්ට්‍රේලියාවේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට් තරගාවලි පරාජයට පත් වුණා.

බවුමා තවදුරටත් එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත නමුත්, ඔහු 20යි 20 කණ්ඩායමේ නායකත්වය අත්හැර තිබෙනවා.

ටෙම්බා බවුමාගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව මීළගට මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය වන්නේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන 28 වැනිදා ආරම්භ වන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියයි.

එම තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය ද අද(17) නිවේදනය කෙරුණා.

ඒ අනුව රසී වැන් ඩර් ඩුසේන්, ලුන්ගි එන්ගිඩී හා Kyle Verreynne එම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ආරම්භක පිතිකරු Sarel Erwee ඉදිරියේ දී ටෙස්ට් තරග සදහා සලකා නොබැලීමට ද තීරණය කර ඇති බව සදහන්.

ඒ අනුව ඒඩ්න් මාක්‍රම් යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ආබාධයකට ලක්ව සිටි කීගන් පීටර්සන් ද යළි සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

South Africa squad: Temba Bavuma (c), Gerald Coetzee, Tony de Zorzi, Dean Elgar, Simon Harmer, Marco Jansen, Heinrich Klaasen (wk), Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Senuran Muthusamy, Anrich Nortje, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...