කවාජාගේ හා හැන්ඩ්ස්කොම්බ්ගේ ඉනිම් හමුවේ ඔස්ට්‍රේලියාවෙන් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(17) දිල්ලි හී දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා සිටියා. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 263 ට පිළිතුරු වශයෙන්.

රෝහිට් ෂර්මා ලකුණු 13 ක් හා කේ.එල් රාහුල් ලකුණු 4 ක් ලබා ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් මේ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල බිද වැටුණේ ලකුණු 50 දී යි. ඒ, ඩේවිඩ් වෝනර් ලකුණු 15 කට දැවී යාමත් සමගයි.

මර්නස් ලබුෂේන් ලකුණු 18කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු නොලබා සිටියදීත් එකම පන්දුවාරයකදී දවා ගැනීමට ආර්. අශ්වින් සමත් වුණා. මැට් රේන්ෂෝ වෙනුවට මෙම තරගයට කැදවූ ට්‍රැවිස් හෙඩ් රැස් කළේ ලකුණු 12 ක් පමණයි. ඇලෙක්ස් කෙරීට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ආරම්භක පිතිකරු උස්මාන් කවාජා සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 81 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 12 ක් සමගින්. රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් ඔහු දැවී ගියා. ඒ, කේ.එල් රාහුල් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.(එහි දර්ශන පහතින් නරඹන්න)

නායක පැට් කමින්ස් ලකුණු 33 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ අතර, නොදැවුණු ලකුණු 72 ක් වාර්තා කරමින් පීටර් හැන්ඩ්ස්කොම්බ් ඔස්ට්‍රේලියානු ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...