බ්ලන්ඩල්ගේ ශතකය හමුවේ නවසීලන්තය යළි සටනට ; එංගලන්තය ලකුණු 98 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (17) නිමා වුණා. ඒ, එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 98 ක් ඉදිරියෙන් පසුවෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 ක්. සැක් ක්‍රව්ලි ලකුණු 28 කට දැවී ගිය අතර, බෙන් ඩකට් ලකුණු 25 යි. ඔලී පෝප් නොදැවී ලකුණු 14 ක් හා ස්ටුවට් බ්‍රෝඩ් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙක දවා ගත්තේ බ්ලායර් ටික්නර් හා Scott Kuggeleijn විසින්.

දිනය ආරම්භ කරන විට Mount Maunganui හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 37 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 306 ක්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 77 කට දැවී ගිය නමුත්, සටන අත්නොහැරූ ටොම් බ්ලන්ඩල් පන්දු 181 කින් ලකුණු 138 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 19 ක් සමගින්.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 83 දී බිද වැටීමෙන් පසුව කොන්වේ හා බ්ලන්ඩල් 6 වැනි කඩුල්ල සදහා ලකුණු 75 (143) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. බ්ලන්ඩල් හා Kuggeleijn 8 වැනි කඩුල්ලට ලකුණු 53 (77) ක සම්බන්ධතාවයක්  ද, බ්ලන්ඩල් හා ටික්නර් 10 වැනි කඩුල්ල සදහා ලකුණු 59 (71) ක සබදතාවයක් ද ගොඩ නැගීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් ලකුණු 54 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 36 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...