කොළඹ දී ආබාධයකට ලක් වූ ටොම් ඇබෙල්ට බංග්ලාදේශ තරග සංචාරය අහිමි වෙයි

Date:

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටොම් ඇබෙල්ට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමි වී තිබෙනවා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පසුගිය බදාදා ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව කොළඹ දී පැවැති පළමු එක්දින තරගයේ දී පන්දු යවමින් සිටියදී යි ඔහු මෙලෙස ආබාධයකට ලක්ව තිබුණේ.

ඊයේ(16) දිනයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුගේ ආබාධය පිළිබද වැඩිදුර කරුණු අනාවරණය වී ඇති අතර, ඒ අනුව ඔහු කඩිනමින් එංගලන්තය බලා යළි පිටත්ව යනු ඇති.

මාර්තු පළමු වැනිදා සිට 14 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා මීට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය සංචිත නිවේදනය කළා.

ටොම් ඇබෙල්ට තරග සංචාරය අහිමි වුව ද, ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...