ආන්දෝලනාත්මක එන්නත් කතාවෙන් පසු ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියා ධූරයෙන් ඉවත් වෙයි

Date:

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් පිළිගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Zee මාධ්‍ය නාලිකාවේ රහසිගත කැමරාවක් විසින් පටිගත කළ රූපරාමු ඔස්සේ චේතන් ෂර්මා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් පසුගියදා එම නාලිකාව ප්‍රසිද්ධියට පත් කළා.

එහිදී තරග ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන ඉන්දීය ක්‍රීඩකයින් එන්නත් ලබා ගනිමින් තරග ක්‍රීඩා කරන බවට ඔහු ප්‍රකාශ කළා.

“ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවුණත්, ඔවුන් ක්‍රීඩා කරන්න එන්නත් ලබා ගන්නවා. 80% ක ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුණත්, එයාලා සූදානම් ක්‍රීඩා කරන්න. ඔවුන් එන්නත් ලබා ගන්නවා, ක්‍රීඩා කරනවා” යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කර තිබුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සෞරව් ගංගුලි සහ හිටපු නායක විරාත් කෝලි අතර මතභේදයට හේතූන් මෙන්ම ප්‍රබල ක්‍රීඩකයින්ගේ ඇතැම් ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ද ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් මෙහිදී අනාවරණය කිරීමටයි  Zee මාධ්‍ය නාලිකාව කටයුතු කළේ.

චේතන් ෂර්මා යළිත් වරක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ පසුගිය මාසයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...