Watch : සෙල්ෆියක් නිසා ප්‍රිත්වි ෂෝ ප්‍රහාරයකට ලක් වෙයි ; මෝටර් රථයකටත් හානි

Date:

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ හා ඔහුගේ මිතුරෙකු මුම්බායි නුවර දී ප්‍රහාරයකට ලක් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට අදාළ වීඩියෝ දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දක්නට ලැබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු සමග දෙවැනි වරටත් සෙල්ෆි ඡායාරූප ගැනීම ප්‍රිත්වි ෂෝ විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට හේතු වී ඇති බව සදහන්.

ප්‍රිත්වි ෂෝගේ මිතුරෙකුගේ මෝටර් රථයකට මෙහිදී පුද්ගලයින් පිරිසක් විසින් පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ඔෂිවාරා පොලීසිය විසින් පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා තිබෙනවා.

2018 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ ප්‍රිත්වි ෂෝ මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 6 ක් හා එක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.

සිද්ධියට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...