බ්‍රිතාන්‍යයේ Warwickshire ප්‍රාන්ත කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමග 2023 T20 Blast (අන්තර් ප්‍රාන්ත 20යි 20 තරගාවලිය) ක්‍රිකට් තරගාවලිය සදහා ගිවිසුම්ගතව තිබෙනවා.
ඔහු එම කණ්ඩායම සමග එළඹෙන තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගත වූ දෙවැනි විදෙස් ක්‍රීඩකයායි.
මීට පෙර පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී ද Warwickshire ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වුණා.
මෙම වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමෙන් අනතුරුව මැක්ස්වෙල් Warwickshire සංචිතය සමග එක්වීමට නියමිතයි.
34 හැවිරිදි ග්ලේන් මැක්ස්වෙල් මීට පෙර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියන් හී දී Hampshire, Surrey, Yorkshire හා Lancashire යන කණ්ඩායම් ද නියෝජනය කර තිබුණා.

