ජමීසන්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන්.

සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි ද පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

Jacob Duffy හා Scott Kuggeleijn ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කර තිබෙනවා.

ක්යිල් ජමීසන් පසුගිය වසරේ ජූනි මාසයේ දී එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ද පිට කොන්දේ ආබාධයකට ලක්වූ අතර, අනතුරුව ඔහුට මාස 7ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබූ පසුබිමකයි මෙම තරගාවලිය සදහා ජමීසන්ව නම් කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...