Watch : බංග්ලාදේශ පිතිකාරිණියගේ වැරැදි අනුමානයක් නිසා සිදු වූ දුවද්දී දැවී යාම

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා සුගන්දිකා කුමාරි විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකාරිණියක් දුවද්දී දවා ගැනීමට සමත් වුණා.

කේප් ටවුන් හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා.

Sobhana Mostary ලකුණු 29 ක් ද, Nigar Sultana ලකුණු 28 ක් ද, Shamima Sultana ලකුණු 20 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 23 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. චමරි අතපත්තු ලකුණු 19 කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම ඉනිමේ දී දුවද්දී දවා ගැනීම් දෙකක් වාර්තා වූ අතර, බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු වූයේ සුගන්දිකා කුමාරි විසින් Ritu Moni ගේ කඩුල්ල දවා ගැනීමට දැක් වූ සුපිරි පන්දු රැකීමයි.

පන්දු රකින්නිය පන්දුව කඩුලු රකින්නියගේ අන්තයට යොමු කරන්නට ඇති බවට දැවී ගිය පිතිකාරිණිය විසින් වැරැදියට අනුමාන කිරීම මෙම දැවී යාමට හේතු වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...