T20 ලෝක කුසලානයේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(11) අලුයම සමත් වුණා.

කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ(10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් ලබා ගත්තා.

පළමු පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 ක්. ඉනිමේ පළමු කඩුල්ල ලෙස හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියා.

අනතුරුව නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල සදහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දු 62 කින්.

විශ්මි පන්දු 34 කින් ලකුණු 35 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමග එම සබදතාවය බිද වැටුණා. චමරි පන්දු 50 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 68 ක්. හතරේ පහර 12 කින් ඇයගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී Shabnim Ismail, Marizanne Kapp හා Nadine de Klerk එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

නායිකා Sune Luus ලකුණු 28 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. Laura Wolvaardt ලකුණු 18 ක් ද, Sinalo Jafta ලකුණු 15 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුගන්දිකා කුමාරි හා ඕෂදී රණසිංහ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...