මදුෂ්කගෙන් යළි ශතකයක් ; දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයත් ජය පැරදුමෙන් තොර වෙයි

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර පැවැති දෙවැනි හා අවසන් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ද අද(10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ අනුව තරග 2 කින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ තරග 0-0 ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

ගාල්ලේ පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද (10) දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 173 ක්.

නායක හසීබ් හමීඩ් ලකුණු 47 ක් ද, ජොෂ් බොහනන් නොදැවී ලකුණු 34 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 61 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 356 ක්. නිශාන් මදුෂ්ක ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 125 කින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 16 ක් ඇතුළත්.

කමිදු මෙන්ඩිස් ලකුණු 67 ක් හා ලහිරු උදාර ලකුණු 63 ක් රැස් කරමින් ශ්‍රී ලංකා A ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී Jack Carson ලකුණු 94 කට කඩුලු 4 ක් හා Josh Tongue ලකුණු 77 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 332 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 405 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...