ඔස්ට්‍රේලියාව සමග ඊයේ(9) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී පන්දු යවමින් සිටින අතරවාරයේ දී ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා පන්දුව පළුදු කළ බවට චෝදනා නගමින් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 120 ක් ලබා සිටින අවස්ථාවේ දී යි ඔහු මෙම ක්‍රියාව සිදු කළ බවට පාර්ශව රැසකින් චෝදනා නගා ඇත්තේ.
ඒ වන විටත් රවීන්ද්‍ර ජඩේජා විසින් මර්නස් ලබුෂේන්, මැට් රේන්ෂෝ හා ස්ටීවන් ස්මිත්ගේ කඩුලු දවා ගෙන තිබුණා.
අදාළ වීඩියෝවට සම්බන්ධ සිද්ධිය පිළිබද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඊයේ දිනයට තරගය නතර කිරීමෙන් පසුවයි මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කර ඇත්තේ.
ඒ අනුව කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තරග තීරකවරයාට සදහන් කර ඇත්තේ රවීන්ද්‍ර ජඩේජා විසින් වේදනා නාශක අලේපයක් එම අවස්ථාවේ දී සිය පන්දු යවන අතෙහි ඇගිල්ලක අලේප කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් ගොණු වී නොමැති බව සදහන්.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ක්‍රිකට් නීති ප්‍රකාරව පන්දු යවන්නා තම අත්වලට යම් ද්‍රව්‍යයක් යොදා ගන්නේ නම් ඒ සදහා විනිසුරුගේ අවසරය අවශ්‍ය වනවා.
මාස 5ක පමණ කාලයක් ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ජඩේජා ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 47 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.
සිද්ධියට අදාළ දර්ශන පහතින් නරඹන්න –
This is absolutely shocking!
Jadeja is quite clearly applying a magic potion to his finger here, which has tricked the Australian’s into forgetting they can use their bats.
12 month ban. Now. #AUSvINDpic.twitter.com/dukRDR1sni
— The Cricket Podcast (@TheCricketPod) February 9, 2023

