ශ්‍රී ලංකා ‘A’ ලකුණු 129 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (9) ගාල්ල ක්‍රීඩාංගනයේ දී නිමා වුණා. ඒ වන විට දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ඉදිරියෙන් පසු වූ ලකුණු සංඛ්‍යාව 129 ක්.

දිනය නිමා කරන විට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියා. යළිත් පිත්තෙන් දක්ෂතා අතරට පිවිසි නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 84 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහරක් හා හතරේ පහර 13 ක් ද සමගින්.

කමිදු මෙන්ඩිස් ලකුණු 67 කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 47 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී Jack Carson කඩුලු 2 ක් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 234 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 405 ක් රැස් කළා.

ජෙමී ස්මිත් ලකුණු 126 ක් ලබා ගත්තේ පන්දු 82 කින්. ඒ, හයේ පහර 8 ක් හා හතරේ පහර 13 ක් සමගින්. ඇලෙක්ස් ලීස් ලකුණු 97 කට දැවී ගියා. ජොෂ් බොහනන් ලකුණු 54 යි.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 84 කට කඩුලු 4 ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු ලකුණු 83 කට කඩුලු 3 ක් දවා ගත්තා. ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 59 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 332 ක්. ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 128 ක් ලබා ගත් අතර, නිපුන් ධනංජය ලකුණු 61 යි. පන්දු යැවීමේ දී Josh Tongue ලකුණු 76 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...