Watch : පතාන්ට එරෙහිව රදර්ෆර්ඩ් පිට පිට ගහපු හයේ පහර 5 මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(2) රාත්‍රියේ දී ඩුබායි හී දී ආරම්භ වූ තරගයේ දී ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ශෙර්ෆේන් රදර්ෆර්ඩ් අඛණ්ඩව හයේ පහර 5 ක් එල්ල කිරීමට සමත් වුණා.

ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ යුසුෆ් පතාන්ට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

සෑම් බිලින්ග්ස් ලකුණු 54 ක් රැස් කළ අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 23 කින් ලකුණු 50 ක් රැස් කළා.

දුවද්දී දැවී යාමකින් අවසන් වූ ඔහුගේ ඉනිමට කිසිදු හතරේ පහරක් ඇතුළත් නොවූ අතර, හයේ පහර 6 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී යි රදර්ෆර්ඩ් විසින් යුසුෆ් පතාන්ට එරෙහිව එම පන්දුවාරයේ අවසන් පන්දු 5 ට අඛණ්ඩව හයේ පහර 5 ක් එල්ල කිරීමට සමත් වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...