මදුෂ්කගේ 207* හමුවේ ශ්‍රී ලංකා ‘A’ පිල පළමු ටෙස්ට් තරගයේ පාලනය සියතට ගනියි

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (02) ගාල්ලේ දී නිමා වුණේ නිශාන් මදුෂ්ක නොදැවී රැස් කළ ද්විත්ව ශතකය හමුවේ දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 580 ක්. ඒ අනුව ඔවුන් මේ වන විට ලයන්ස් කණ්ඩායමට වඩා ලකුණු 249 ක් ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා ‘A’ දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිශාන් මදුෂ්ක ලකුණු 207 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 370 කට මුහුණ දෙමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 24 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 89 යි. හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. මදුෂ්ක සමගින් ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 114 ක් රැස් කළ අතර, ලක්ෂිත මනසිංහ ලකුණු 73 කට දැවී ගියා. නුවනිදු ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 80 ක්.

පන්දු යැවීමේ දී ලියම් පැටර්සන්-වයිට්, ජැක් කර්සන් හා ටොම් ඇබෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා. අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා සිටි අතර, ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ දැවී ගියේ කඩුලු 2 ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 136 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 467 ක්.

ටොම් හෙයින්ස් ලකුණු 118 ක් රැස් කළ අතර, නායක හසීබ් හමීඩ් ලකුණු 81 කට දැවී ගියා. ඇලෙක්ස් ලීස් ලකුණු 56 ක් ද, මැතිව් ෆිෂර් ලකුණු 53 ක් ද වාර්තා කළා. පන්දු යැවීමේ දී අම්ශි ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවා ගත් අතර, ලක්ෂිත මනසිංහ කඩුලු 2 ක් බිද හෙලුවා.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...