ශක්තිය හීන වූ සිම්බාබ්වේ සංචිතයේ නායකත්වය ක්‍රෙයිග් අර්වින්ට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක්‍රෙයිග් අර්වින්ට පැවරී තිබෙනවා.

ඒ, ඇගිල්ලක ආබාධයක් සිදු වීම හේතුවෙන් නිත්‍ය නායක ශෝන් විලියම්ස්ට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබීම හේතුවෙන්.

සිම්බාබ්වේ හි බුලවායෝ හී දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව තවත් ප්‍රධාන ක්‍රීඩකයින් රැසකට අහිමි වී තිබෙනවා.

ඒ අනුව 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන සිකන්ඩ රාසා හා රයන් බර්ල් මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

ටෙන්ඩයි චටාරා හා බ්ලෙසින්ග් මුසරබානි ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

ප්‍රධාන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත්ව නොසිටින බැවින් මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Tafadzwa Tsiga, Joylord Gumbie, Kudzai Maunze, Tanunurwa Makoni, Innocent Kaia ටෙස්ට් සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ZIM Squad: Gary Ballance, Chamunorwa Chibhabha, Tanaka Chivanga, Craig Ervine (c), Bradley Evans, Joylord Gumbie, Innocent Kaia, Tanunurwa Makoni, Wellington Masakadza, Kudzai Maunze, Brandon Mavuta, Richard Ngarava, Victor Nyauchi, Milton Shumba, Donald Tiripano, Tafadzwa Tsiga

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...