Watch : ඩෙන්ලි දුවද්දී දවා ගැනීමට කඩුල්ල පිටුපස සිට බිලින්ග්ස් දැක් වූ සුපිරි පන්දු රැකීම

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීගය (International League T20) යටතේ ඊයේ(31) රාත්‍රියේ පැවැති 23 වැනි තරගයේ දී විශිෂ්ඨ කඩුලු රැකීමක නිරත වෙමින් සාජා වොරියර්ස් කණ්ඩායමේ ජෝ ඩෙන්ලි දුවද්දී දවා ගැනීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ සෑම් බිලින්ග්ස් සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් රැස් කළා.

බෙනී හවෙල් නොදැවී ලකුණු 34 ක් ද, රොහාන් මුස්තාෆා ලකුණු 31 ක් ද, සෑම් බිලින්ග්ස් ලකුණු 27 ක් ද ලබා ගත්තා. වනිදු හසරංග ලකුණු 6(13) යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාජා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

පෝල් වෝල්ටර් ලකුණු 27 ක් රැස් කළ අතර, නූර් අහ්මඩ් ලකුණු 23 යි. පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ වනිදු හසරංග.

සාජා ඉනිමේ දී ජෝ ඩෙන්ලි දුවද්දී දැවී ගියේ ඔහු එක් ලකුණක් පමණක් ලබා සිටියදීයි.

එහිදී සෑම් බිලින්ග්ස් එම දුවද්දී දවා ගැනීම වෙනුවෙන් දැක් වූ සුපිරි පන්දු රැකීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...