ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක පමණ කාලයක්.

මෙම තරග සංචාරය සදහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3 ක් ඇතුළත්.

ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වන අතර, ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් එම තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනවා.

මාර්තු 9 වැනිදා තරග සංචාරය ආරම්භ කරමින් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට නියමිතයි.

ක්‍රයිස්චර්ච් හී දී එම තරගය පැවැත්වෙන අතර, මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.

මාර්තු 25 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය ඔක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච් හා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ Supreme TV නාලිකාවයි.

නවසීලන්ත තරග සංචාරයට අදාළ කිසිදු තරගයක් කිසිඳු ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...