Watch : ILT20 තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් හසරංග දවා ගත් කඩුලු 3 මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීගයේ (International League T20) සම වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ වනිදු හසරංග මේ වන විට සමත්ව සිටිනවා.

ඒ, අද(31) සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු දවා ගත් කඩුලු තුනත් සමගයි.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා.

බෙනී හවෙල් නොදැවී ලකුණු 34 ක් ද, රොහාන් මුස්තාෆා ලකුණු 31 ක් ද, සෑම් බිලින්ග්ස් ලකුණු 27 ක් ද රැස් කළා. වනිදු හසරංග ලකුණු 6(13) යි.

සාජා පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වනිදු හසරංග කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මර්කස් ස්ටොයිනිස්, ඇඩම් හෝස් හා මොහමඩ් නබී යන පිතිකරුවන්.

හසරංග විසින් ස්ටොයිනිස්ගේ කඩුල්ල දවා ගත්තේ 20යි 20 තරග පිටියේ දී පළමු වරට වීම ද විශේෂත්වයක්. මීට පෙර 20යි 20 ඉනිම් 7කදී ඔවුන් දෙදෙනා එකිනෙකාට එරෙහිව තරග වැදී තිබුණ ද, හසරංගට ඔහුව දවා ගැනීමට හැකි වී තිබුණේ නැහැ.

වනිදු හසරංග මේ වන විට මෙවර තරගාවලියේ දී තරග 6කදී බිද හෙලා ඇති කඩුලු ගණන 10 ක්.

වනිදු හසරංග අද දවා ගත් කඩුලු 3 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...