ගාල්ලට කඩුලු 10 ක ජයක්

Date:

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති සිව්වැනි තරගයෙන් මහනුවර කණ්ඩායම පරදා කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 124 ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසු කර ගියේ ඉනිම ආරම්භ කළ හෂාන් දුමිදු නොදැවී ලබා ගත් ලකුණු 54 න් හා සංගීත් කුරේ නොදැවී ලබා ගත් ලකුණු 75 න් ශක්තිමත් වෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365 ක්. සංගීත් කුරේ ලකුණු 132 ක් රැස් කළා.

අනතුරුව මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 198 ක් පමණයි.

මේ අතර, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගාවලියේ තෙවැනි තරගයේ සිව්වැනි හා අවසන් දිනය අදයි(29).

තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 62 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

අනතුරුව යාපනය කණ්ඩායම සිය දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 349 ක්. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 67 ක් මෙන්ම නවෝද් පරණවිතාන හා රවිදු ප්‍රනාන්දු ලකුණු 64 බැගින් වාර්තා කළා.

ඒ අනුව ලකුණු 199 ක ඉලක්කයක් හඹා යන දඹුල්ල කණ්ඩායම තරගයේ තෙවැනි දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 154 ක්. තරගය ජය ගැනීම සදහා ඔවුන් තවත් ලකුණු 45 ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...