සිරාජ් ලෝකෙන්ම එක වෙද්දී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනෙන වෙනසක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(25) නිවේදනය කළා.

ඒ අනුව එහි පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාවේ මොහමඩ් සිරාජ් සමත් වීම විශේෂත්වයක්.

2019 වසරේ දී එක්දින වරම් දිනා ගත්ත ද, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු යළි ඉන්දීය කණ්ඩායම සමග එක් වූයේ වසර 3ක කාලයක් ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණු පසුබිමකයි.

එතැන් සිට සිරාජ් තරග 20 කදී කඩුලු 37 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මොහමඩ් සිරාජ් ඊයේ(24) දිනයේ දී අයි.සී.සී 2022 වසරේ එක්දින කණ්ඩායම සදහා ද නම් කෙරුණු අතර, අද දිනයේ දී ඔහු ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත් වූයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් හා ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් අභිබවා යමින්.

මෑතකදී ශ්‍රී ලංකාව සමග නිමා වූ තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී සිරාජ් කඩුලු 9 ක් දවා ගැනීමට සමත් වුණා. නවසීලන්තය සමග පැවැති පළමු එක්දින තරගයේ දී ද ඔහු කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

මේ වන විට මොහමඩ් සිරාජ් ශ්‍රේණිගත ලකුණු 729 කට හිමිකම් කියන අතර, දෙවැනි ස්ථානයේ පසුවන ජොෂ් හේසල්වුඩ්ට වඩා ඔහුට හිමි ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 2ක්.

මේ අතර, පාකිස්තානයේ බාබර් අසාම් පෙරමුණේ පසුවන පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 20 කින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ ෂුබ්මන් ගිල් සමත්ව තිබෙනවා.

ඉන්දු – නවසීලන්ත තරගාවලිය ආරම්භයේ දී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ නවසීලන්තයට (ශ්‍රේණිගත ලකුණු 111) මේ වන විට එහි හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

තරග 3-0 ක් ලෙස නවසීලන්තය හමුවේ ලද එක්දින තරගාවලි ජයත් සමග එංගලන්ත කණ්ඩායම (ශ්‍රේණිගත ලකුණු 113) දෙවැනි ස්ථානයට ඇදදමමින් මේ වන විට ඉන්දියාව (ශ්‍රේණිගත ලකුණු 114) එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...