ශ්‍රී ලංකාවට එක් ලකුණක තියුණු පරාජයක්

Date:

අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ එක් ලකුණක තියුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ඊයේ(24) රාත්‍රියේ සිදු වුණා.

Potchefstroom හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.

Kayla Reyneke ලකුණු 43 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී විදුෂිකා පෙරේරා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 133 ක් පමණයි.

දෙව්මි විහංගා ලකුණු 37 ක් හා නෙත්මි සේනාරත්න ලකුණු 36 ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ප්‍රසාද ලකුණු කිසිවක් නොමැතිව මේ වන විට රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...