ඇෆ්ඝනිස්තාන තරගාවලිය අවලංගු නොකිරීමට පාකිස්තානයෙන් තීරණයක්

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති පසුබිමක වුව ද, ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට තම ආයතනය සූදානම් නොමැති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එම ආයතනයේ සභාපති නජාම් සෙති පෙන්වා දෙන්නේ දේශපාලනය හා ක්‍රිකට් ක්‍රීඩාව පටලවාගත යුතු නොමැති බවයි.

ඇෆ්ඝනිස්තානය තුළ අධ්‍යාපනය සදහා කාන්තාවන්ට තවදුරටත් සීමා පැනවීමට පාලක තලේබාන් සංවිධානය තීරණය කර ඇති බැවිනුයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය අවලංගු කිරීමට මෑතකදී පියවර ගත්තේ.

ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 කින් යුත් 20යි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට එකගතාවයකට එළඹ තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය මේ වන විටත් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබීමයි.

ඒ හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් අදාළ එක්දින තරගාවලියේ ප්‍රතිපලය ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට බලපෑමක් සිදු නොකරන බැවින් අදාළ තරගාවලිය 20යි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

20යි 20 තරගාවලිය මාර්තු 20 වැනිදා සිට 28 වැනිදා දක්වා සාජා හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...