Watch : කෝලි සමග සිදු වූ සන්නිවේදනයේ දුර්වලතාවයක් හමුවේ ඉෂාන් දැවී ගිය හැටි

Date:

ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(24) දහවල් ඉන්දියාවේ ඉන්දෝර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 385 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 26.1 ක් තුළ ලකුණු 212 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රෝහිට් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

රෝහිට් ලකුණු 101 කට දැවී ගිය අතර, ගිල් ලකුණු 112 ක් රැස් කළා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 54 ක් ලබා ගත්තා. විරාට් කෝලි ලකුණු 36 කටත්, ඉෂාන් කිෂන් ලකුණු 17 කටත් දැවි ගියා.

කිෂන්ගේ දැවී යාම දුවද්දී දැවී යාමක් ලෙස වාර්තා වූයේ ඉනිමේ 35 වැනි පන්දුවාරයේ දී යි.

එහිදී විරාට් කෝලි හා ඉෂාන් කිෂන් අතර සිදු වූ සන්නිවේදනයේ දුර්වලතාවයක් හේතුවෙනුයි කිෂන්ට සිය කඩුල්ල අහිමි වූයේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...